අලින්ගේ ජාන සංයුතිය ගැන මෙරට පර්යේෂණ වාර්තාව ජාත්‍යන්තර ඇගයීමට

අප්‍රේ 29, 2021

    අලින්ගේ ජාන සංයුතිය පිළිබඳ ශ්‍රී ලංකාවේ පර්යේෂණ වාර්තාවක් ජාත්‍යන්තර අගැයීමට ලක්ව තිබේ.

    එය සිදුකර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එක්වයි.

    අදාළ පර්යේෂණ සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දී වීම ද විශේෂත්වයක්.

    එම පර්යේෂණ පත්‍රිකාව,නේචර් පබිලිෂීන් ගෘෘප් මගින් ප්‍රකාශයට පත් කෙරෙන ජාත්‍යන්තර විද්‍යා හා පර්යේෂණ සඟරාවක් වන සයින්ටිෆික් රිපෝට්ස්හි අප්‍රේල් කලාපයේ පළ කර තිබේ.

    පරයේෂණ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ වන අලින්ගේ ජාන සංයුතිය, එහි සමානතා හා ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වෙනත් රටවල වෙසෙන අලි ඇතුන්ගෙන් කොපමණ වෙනස් වන්නේ ද යන කරුණු අධ්‍යයනය කිරීමයි.

    මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණය මෙන්ම, අලි මිනිස් ගැටුම හා වන අලි අන්තර්ජාතික වෙළෙඳාම නියාමනය පිළිබඳ කටයුතු බෙහෙවින් වැදගත් වෙයි.

    අලි ඇතුන් 700කගේ වසුරු මෙම ජානමය විශ්ලේෂණයට යොදාගෙන ඇති අතර, ලෝක බැංකු ආධාර යටතේ පරිසර පද්ධති සංරක්ෂණ හා කළමණාකරන ව්‍යාපෘතිය මීට අනුමැතිය හා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.

    Latest News