ගෑස් බෙදීම යළි ඇරඹේ

මාර් 18, 2022

    ගෑස් සිලින්ඩර් බෙදා හැරීම අද උදෑසන සිට යළි ආරම්භ කළ බව  ලිට්‍රෝ සමාගම පවසයි. අද උදෑසන සිට දිවයිනේ සියලු ප්‍රදේශය වෙත හිඟයකින් තොරව ගෑස් තොග ලබාදීමට හැකි  වෙතැයි, සමාගම අපේක්ෂා කරයි. 

    මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500කට අධික ප්‍රමාණයක ගෑස් තොගය ඊයේ පස්වරුවේ සිට ගොඩ බෑම ආරම්භ කෙරිණ. ඒ අනූව ඉදිරි දින දෙක තුල තුල ගෑස් මිලදි ගැනීමට පවතින තදබදය පහව යන බව ලිට්‍රෝ සමාගම පවසයි. 

    ඉන්ධන බෙදාහැරීමේ ගැටලුවක් මිස රට තුල ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ඉදිරි දින කිහිපය තුල පිරවුම්හල්වලට ඉන්ධන ලබාදීමත් සමග ඉන්ධන ලබාගැනීමට පවතින තදබදය ද අඩුවනු ඇති බවයි, අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ. 

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 11:16

    Latest News