පළාත් කිහිපයකට තද වැසි

මාර් 18, 2022

    සබරගමුව, මධ්‍යම , දකුණු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අනාවැකියේ සඳහන් ය.

    මේ අතර නැවත දැනුම් දෙනතුරු නිරිතදිග සහ ගිණිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    ඒ නිරිතදිග බෙංගාලබොක්ක මුහුදේ මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙනි.

    මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසින් අන්දමන් මුහුද දෙසට ගමන් කර තවදුරටත් වර්ධනය වී මාර්තු 21 වැනිදා වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති ඇතැයි කාලගුණ නිවේදනයේ සඳහන් ය.

    Latest News