ගම සහ පන්සල සබඳතා රැකිමෙන් විෂමතාවට විසඳුම්

මාර් 03, 2019

    විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපා‍ල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලද ශාස්ත‍්‍රවේදී පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමින් වහන්සේ වෙත සන්නස් පත‍්‍ර පිළිගැන්වීමට අද (03) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති පුණ්‍ය මහෝත්සවය අමතමිනි.

    ගෙවී ගිය වසර කිහිපය තුළ රටේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් ද පුළුල් කාර්ය භාරයක් ඉටුවී තිබෙන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. ග‍්‍රාමීය වෙහෙර විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය කරමින් රට තුළ බෞද්ධාගමික පුනර්ජීවනයක් ඇති කොට තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා එය බෞද්ධ ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් බව කියා සිටියේය.

    පූජ්‍ය ගල්ලෑල්ලේ අරියංවශ හිමියන් සම්බුද්ධ ශාසනය සහ උතුරු මැද පළාත වෙනුවෙන් ඉටුකරන මෙහෙවර වෙනුවෙන් උඩරට අමරපුර මහා නිකාය විසින් ශාසන ජෝති කාරක සංඝ සභාවේ ධර්ම ශාස්ත්‍රීය පණ්ඩිත ගෞරව නාමය සහිතව උතුරු මැද පළාත් ප‍්‍රධාන අධිකරණ සංඝනායක ධුරය පිළිගන්වා තිබේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මෙන්ම පුලතිසිපුරවරයේ ආගමික පුනරුදය වෙනුවෙන් උන්වහන්සේ ඉටුකරන පුළුල් මෙහෙවර ජනපති ඇගැයීමට ලක් විය.

    අභිනව අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    Latest News