සංචාරකයින් 45ක් පොළොන්නරුව පුදබිමට

ජන 19, 2021

    සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි පිරිසක් පොළොන්නරුව පුරා විද්‍යා පුදබිමේ සංචාරයක නිරත විය.

    කණ්ඩායමට 45 දෙනෙක් ඇතුළත්. ඔවුන් පැමිණි අවස්ථාවේ දේශීය සංචාරකයින් සඳහා එම කලාපය වසා දැමිණ.

    ඔවුන් පිටව යාමෙන් අනතුරුව සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව එම ස්ථාන යළි දේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරිණ.

    මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    Latest News