පොලොන්නරුව වකුගඩු ප්‍රතිකාර රෝහල ලබන ජනවාරි මාසයේදී ජනතා අයිතියට

දෙසැ 11, 2020

    චීන ආධාර යටතේ ඉදිකෙරෙන පොළොන්නරුව වකුගඩු ප්‍රතිකාර රෝහල ලබන ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතියි.

    එහි ඉදිකිරීම් මේ වන විට 98% කින් අවසන් බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදි කෙරෙන පොලොන්නරුව ජාතික වෘක්කවේදී රෝහල පහසුකම් රැසකින් සමන්විතයි.

    ඇදන් 200 කින් සමන්විත එහි රුධිර කාන්දුකරන ඇදන් 100 ක්, වකුගඩු බද්ධ කිරීම් ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක ඇතුළු පහසුකම් රැසක් පවතියි.

    නවීන තාක්ෂණයෙන් යුත් භාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකෙරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම් ද පවතියි.

    රෝහලේ ඉදිකිරීම් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් චීන සමූහ ආණ්ඩු නිලධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ සංවර්ධන ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පොලොන්නරු මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියේය.

    Latest News