විපක්‍ෂ නායකගෙන් පොරොන්දුවක්

මාර් 03, 2019

    රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අනුරාධපුරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් මෙම හමුවට එක්වූහ.
    එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා....

    “අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා නම් කියන්නේ යන-යන තැන ඉඳලා එතන ඉඳන් හම්බන්තොටට යනකම් කර්මාන්ත දානවා කියලා. එම කර්මාන්ත පුරයක්. යාපනයට ගිහිල්ලා කිව්වා යාපනයේ ඉඳලා හම්බන්තොටට යන කම් කර්මාන්ත පුරයක් හදනවා කියලා. ඒ එයාගේ විශ්වාසය. ඒ විශ්වාසය අපේ නැහැ. අපි කෘෂිකර්මය පදනම් කරගෙන ස්වයංපෝෂිත ආර්ථිකයක් මේ රට තුළ ඇති කිරීම තමයි අපේ වගකීම කියලා අපි බාරගත්තා“. යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. ජනතා නියෝජිතයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.

    මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේ සිට 2015 දක්වා වසර 10 ක් මෙරට විධායක ජනපති ලෙස කටයුතු කළේය. මෙම කාල සිමාව තුළ රජය අයෝජනය කල බොහොමයක් ව්‍යාපෘති අපේක්ෂිත ඉලක්ක කර ගමන් කිරිමට නොහැකි වුයේය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ඒ අතර ප්‍රධානවේ. හෙජින් ගිවිසුම මගින් රටට විශාල ආර්ථික පාඩුවක් ද සිදුවුයේ මේ කාලය තුළයි. 

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 18:23

    Latest News