සෞඛ්‍ය වෘත්තියවේදීන් අද යළි වර්ජනයක් අරඹයි

මාර් 02, 2022

    සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

    වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් මීට පෙර සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූ අතර බලධාරීන් සමග පැවති සාකච්ජාවකින් පසු එය තාවකාලිකව නතර කිරීමට ඔවුන් තීරණය කළේය. 

    සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ, හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

    Latest News