අද පැය 7 හමාරක විදුලි කප්පාදුවක්

මාර් 02, 2022

    අද (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    ඒ අනුව උදෑසන 08.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකරන බව එම කොමිසම සඳහන් කළේය.

    මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ, උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා සහ සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා ප්‍රදේශ කිහිපයකටත්, දහවල් 01.00 සිට සවස 06.00 දක්වා මෙන්ම රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා සෙසු ප්‍රදේශ සඳහාත් විදුලි කප්පාදුව සිදුකරන බවයි.

     

    අද දිනයේ විදුලි කප්පාදුව සිදුකරන වේලාවන් හා ප්‍රදේශ පිළිබඳ දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න...

    https://drive.google.com/file/d/1WacqvkvUCmhTgpdIZ9IVepzmpr3KnTSQ/view 

    Latest News