සෞඛ්‍ය වැඩවර්ජනය 8වැනි දිනටත් අද

පෙබ 15, 2022

    වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති ගණනාවක් ආරම්භ කර ඇති වැඩවර්ජනය, අද 8 වැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.

    කොළඹ - දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගයට අනූව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සභාපතිත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

    එහෙත්, රවි කුමුදේශ් මහතා සභාපතිත්වය දරන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය වර්ජනය අවසන් කිරීමට මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති පසුබිමක රෝගී ජනතාව අද මෙලෙස දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

    Latest News