7 වැනි දිනටත් ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩවර්ජනය

පෙබ 14, 2022

    වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය, අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක විය. මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.

    කොළඹ - දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගයට අනූව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සභාපතිත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, වර්ජනයෙන් ඉවත් විය.

    වර්ජනයෙන් ඉවත් වූ හෙද නිලධාරීන් රැසක් අද දිනයේ සේවයට වාර්තා කළේය.

    රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් වෘත්තීය සමිති 17 තවදුරටත් වර්ජනයේ නිරත වෙයි. මේ හේතුවෙන් රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල රසායනාගාර කටයුතු, විකිරණ පරීක්ෂණ සහ ඖෂධ බෙදා හැරීම අඩපණ වී ඇති බවයි, වාර්තා වන්නේ. ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මේ පිළිබඳ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

     

    Latest News