පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් පාර්ලිමේන්තුවට

පෙබ 22, 2022

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැදි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම පාර්ලිමේන්තුවට භාර දෙයි.

    ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත ‍රෝහණධීර මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී භාර දෙනු ලැබිණ.

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ පරීක්ෂණ කොමිෂන් අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවට භාර දුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැදි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

    ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිදුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුවට භාරදීමට සිදුවිය.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 14:58

    Latest News