පාස්කු ප්‍රහාර සිද්ධියේ සැකකරුවන් 6කට අධි චෝදනා බාරදෙයි

සැප් 15, 2022

    පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුන්නා.

    නීතිපතිවරයා විසින් ගොනු කළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දීම සිදුවුණා.

    Latest News