අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පෙබ 22, 2022

    පාර්ලිමේන්තුව අද (22) දිනයේ සිට ලබන 25 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. ඒ අනූව ‍පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

    පෙරවරු 11.00 සිට පස්වරු 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසඳයේ රැස්වීමක්ද අද දිනයේ පැවැත්වීමට නියමිත බවයි,වාර්තා වන්නේ.

    අනිද්දා දිනයේ විපක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර පෙබරවාරි 24වැනි දා සත්ත්ව හා වෘක්ෂ ලබා ආරක්ෂක සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම අතුළු පනත් කිහිපයක විවාදයන් පැවැත්වීමට නියමිතයි.

    Latest News