හෙටත් (22) විදුලිය කැපේ...

පෙබ 21, 2022

    බලාගාර කිහිපයක ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (22) දිනයේත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව, ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී තිබෙනවා.

    අද (21) දිවයින පුරා පැය 02 විදුලි කප්පාදුවක් සිදුකෙරුණා. අද උදේ 08.30 සිට සවස 05.30 දක්වා කාලසීමාවේ පැයක විදුලි කප්පාදුවක් සිදුකරණ බවට දැනුම්දී තිබුණා. එමගින් අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් අපහසුතාවයට පත්වන බැවින්, එම විදුලි කප්පාදුව පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 02 ක කාලයක් කාණ්ඩ 03 ක් යටතේ සිදුකිරීමට පසුව තීරණය කෙරුණා. හෙට දිනයේත් පස්වරු 04.30 සිට රාත්‍රී 10.30 දක්වා කාණ්ඩ කිහිපයක් යටතේ පැය 02 ක් හෝ 03 විදුලි කප්පාදුවක් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 08:36

    Latest News