ජනාධිපති සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණයක

පෙබ 18, 2022

    කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක් විය.


    විදුලිබල උත්පාදනයට ජල, සූර්ය ශක්තිය, සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සෘජුව හමු වී තොරතුරු විමසා බැලීම ජනාධිපතිතුමාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.


    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදාගැනීම රජයේ අරමුණ වී තිබේ. එමෙන් ම රට තුළ උද්ගත ව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙටිකාලයක් තුළ දායක කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීම ද මෙහිදී සිදු වේ. අලුතින් ඇරඹීමට ඉල්ලුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී සිදු ව ඇති ප්‍රමාදයන් පිළිබඳ සොයා බැලීම මෙම චාරිකාවේ තවත් අරමුණකි.

    Latest News