සෞඛ්‍ය වැඩ වර්ජනය 3වැනි දිනටත්...ජනතාව දැඩි පීඩාවට

පෙබ 09, 2022

    හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අදත් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

    වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සේවව, පරිපුරක වෛද්‍ය සේවාව හා අතුරු සේවාව ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති 18ක් වැඩ වර්ජනයට එක්ව සිටියි.

    ප්‍රධාන රෝහල් 9ක් සහ එක් සෞඛ්‍ය ආයතනයක පමණක් වැඩවර්ජනය ක්‍රියාත්මක නොකෙරේ. වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවා රැසකට දැඩි බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන්, පීඩාවට පත් රෝගී ජනතාව මෙම වර්ජනය පිලිකුලෙන් යුතුව හෙලා දකියි.

    ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කුමන කාර්යමණ්ඩලයක් වුවද වර්ජනයේ නිරත වීම අවාසනාවන්ත තත්වයක් බවයි,කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ.

    අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවට වෘත්තීය සංගම් නියෝජිතයින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද අදහස් පළ කරයි.උන්වහන්සේ කියා සිටියේ, රට තුළ උද්ගතව ඇති ජාතික ආපදා අවස්ථාවක දී රෝගී ජනතාවට මැනවින් සේවය ඉටු කිරීම වෙනුවට අසාධාරණ ලෙස තම ඉල්ලීම් වෙනුවෙන් වෘත්තීය සමිති පෙනී සිටීම අවාසනාවන්ත තත්වයක් බවයි.

    Last modified on බදාදා, 09 පෙබරවාරි 2022 10:46

    Latest News