පවතින තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතට වැඩි අවධානයක් දෙමින් දකුණු, මධ්‍යම, උතුරු, සබරගමුව, නැඟෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අට තුළ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ 90ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
පසුගිය වසරේ ගෙවුණු සති 52ක කාලය තුළ ඩෙංගු රෝගය වැලඳී දිවයිනේ රෝහල් 32කට ඇතුළත් වූ සමස්ත රෝගීන් ගණන 697ක් වුව ද මේ වසරේ ඉකුත් සතියේ පමණක් ඩෙංගු රෝගීන් 653ක් දැනට රෝහල්ගතව ඇතැයි එම වාර්තාවන්හි සඳහන් වේ.
පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේ පළමු සතියේ ඩෙංගු රෝගීන් 484ක් පමණක් වාර්තා වූ අතර, ඒ අනුව මෙවර රෝගීන් 1573ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
ඉකුත් සතියේ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් දහස ඉක්ම වූ බහුතරයක් වූ රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, ඉන් පිළිවෙළින් කොළඹ 563ක්, ගම්පහ 457ක් සහ කළුතර 180ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.
බස්නාහිර පළාතෙන් පිටත වැඩිම රෝගීන් කුරුණෑගල (115) , පුත්තලම (104), ගාල්ල (95) සහ මහනුවරින් (89) වාර්තා වී තිබේ.
පවතින තත්ත්වය හේතුවෙන් අදාළ පළාත් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇති අතර, ජනතාව ද දැඩි සැලකිල්ලෙන් යුතුව නිරන්තරයෙන් පරිසරය පිරිසුදු කිරීම ඔස්සේ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස එම ඒකකය ඉල්ලා සිටියි.