බන්දුලගේ නිවස විකුණා බැංකු ණය පියවා ගැනිමට අවසරයක්

පෙබ 26, 2019

    පෞද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක ණය මුදල නොගෙවුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට අයත් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.

    ඇල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම අවස්ථා හතරකදී පෑන් ඒෂියා බෑංකින් කෝපරේෂන් ආයතනයෙන් ණය මුදලක් ලබාගෙන එම ණය මුදල හෝ ඊට අයවිය යුතු පොළී මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පවසමින් නඩුව පවරා තිබේ.

    බන්දුල ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ණය උකස්කරයක් බව නොදැන එම ලේඛණයකට තමා අත්සන් කළ බවයි. ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන ගුණවර්ධන වැන්නෙකු නොදැන අත්සන් කළ බව පිළිගත නොහැකි බව තීන්දු කළ අධිකරණය ඔහුගේ දේපොළ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස නියෝග කර තිබේ.

    Latest News