ධීවර සම්පත් විකුණන් කෑ යුගය අවසන්..

පෙබ 27, 2019

    ධීවරයාත්, ධීවර සම්පතක් විකුණන් කෑ යුගය අවසන් කළ බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනුයි.

    එම අමාත්‍යාංශයට අයත් ලංකා වරාය නීතිගත සංස්ථාව, ලංකා ධීවර සංස්ථාව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය සහ සීමාසහිත සී.නෝර් පදනම යන ආයතන සඳහා නව සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා මෙහිදී පත්වීම් ප්‍රදානය කෙරිණ.

    70 දශකයේ ජාතික සම්පතක් ලෙස සැලකූ ධීවර සංස්ථාව පසු කාලීනව විකුණන් කන සම්පතක් බවට, පත්කරගත් බව රාජ්‍ය අමාත්‍ය වෙදආරච්චි මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 09:45

    Latest News