යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

පෙබ 26, 2019

    යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර තිබේ.

    වී මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ පනස් දහසක් මිලදී ගැනීම අපේක්‍ෂාව බව වී අලෙවි මණ්ඩලය පවසයි. රජය ඊට වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් බිලියන 6ක්. අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, උතුරු නැගෙනහිර ඇතුලු ප්‍රදේශ රැසක වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තිබේ.

    දිවයින පුරා වී මිලදී ගැනීමට ගබඩා 225කට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බව, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ කස්තුරි අනුරාධනායක මහතා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ, වී මෙට්‍රික් ටොන් 2,667ක් දැනටමත් මිලදී ගෙන ඇති බවයි. වී මිල ස්ථාවරව පවත්වාගෙන යාම හා ආහාර සුරක්‍ෂිතතාව අරමුණ බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    Latest News