මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියකට නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුකමිටුවක්

සැප් 23, 2022

    ජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනයට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වාදීමට,
    ජනමාධ්‍ය අමාත්‍යවයරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ල ගෙන ඊට යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමත්‍යවරයාගේ සභාපතීත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා.

    ඇතැම්, මාධ්‍ය සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතු වන ආකාරයෙන් ක්‍රියා කිරීම හේතුවෙන්, මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව තිබෙනවා. එබැවින්, භාෂනයේ සහ ප්‍රකාශනයේ උපරිම නිදහස ආරක්ෂා කරමින් තාක්ෂණික මෙන්ම, නෛතික කේෂ්ත්‍රයන්හි දැනට සිදු‍ වෙමින් පවතින වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කෙරෙනු ඇති.

    Latest News