බස් රථයක ගැටි දෙදරු මවක් මරුට

ජන 10, 2022

    නාවලපිටිය බස් නැවතුම්පොලේදී දෙදරු මවක් ලංගම බස් රථයකට යට වි අද (10) දින පස්වරු 2.30 ට පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. 

    මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.එම්.දයාවති නැමති (56) හැවිරිදි දෙදරු මවකි.  නාවලපිටිය දිස්ත්‍රික්ක මහ රෝහලේ සායන කටයුතු සදහා පැමිණි ඇය, ආපසු නිවස කරා යාමට බස් නැවතුම්පොල වෙත ගමන් කරන අතරතුර මෙසේ බස් රථයකට යටවී බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික්ක මහ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ෂණ නාවලපිටිය පොලිසිය පවත්වයි.

    Latest News