නාවලපිටිය වැසි ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා

මාර් 30, 2021

    අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ඊයේ (29) පස්වරුවේ ජලයෙන් යට වීම නිසා නගර හරහා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

    නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ දුරට වැසි ජලයෙන් යට වි තිබුණි. වැසි ජලය අඩි තුනක් පමණ ප්‍රධාන මාර්ගයේ පිරි තිබුණි.

    වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.

    සුළු වර්ෂාවක දී පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි මුහුණපා සිටිති.

    Latest News