නාඳුනන මළ සිරුරු 02 ක් හමුවේ...

ජන 10, 2022

    අද (10) උදෑසන කාලයේදී වැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළේ තිබූ නාඳුනන මළ සිරුරු 02 ක් සොයාගැනීමට පොලිසිය හැකිවී තිබේ.

    වැල්ලවත්ත මුහුදු මාවතේ මුහුදු වෙරළේ තිබී හමුවූ මළ සිරුර වයස අවුරුදු 45 ත් 55 ත් අතර පිරිමි පුද්ගලයෙකුගේ වන අතර, බම්බලපිටිය පොලිස් වසමේ මුහුදු තීරයේ තිබූ පුද්ගලයාගේ මළ සිරුර වයස අවුරුදු 40 ත් 50 ත් අතර පුද්ගලයෙකුගේ බව පොලිසිය පවසයි. මළ සිරුරු 02 ම මෙතෙක් හඳුනාගෙන නොමැති අතර කළුබෝවිල මෘත ශරීරාගාරයේ මළ සිරුරු තැන්පත් කර ඇත. වැල්ලවත්ත සහ බම්බලපිටිය පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ෂණ මෙහෙයවයි.

    Latest News