වසා දැමූ නාවලපිටිය විෂබීජහරණය කෙරේ

ජන 17, 2021

    කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙක් හමුවිම නිසා වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණය (17) අද සිදුකෙරිණ.

    නාවලපිටිය නගර සභාව, පස්බාගේ කෝරෙලේ ප්‍රාදේශිය සභාව, නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව නාවලපිටිය නගරය සහ පොදු ස්ථාන විෂබිජහරණය සිදු කෙරිණ.

    නාවලපිටිය නගරයේ පෞද්ගලික මුල්යස රක්ෂණ සමාගමක සේවකයින් පස් දෙනෙකුට ප්‍රථමයෙන් 'කොවිඩ් 19' වෛරසය අසාදනය විම නිසා එම මූල්‍ය රක්ෂණ ආයතන තාවකාලිකව වසා දමා ඔහුන්ගේ ආශ්‍රිතයින් 26 දෙනෙක් ස්වයං නිරෝධානයට යොමු කළේය. පසුව සිදුකල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව 16 දෙනෙක්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබුණි.

    නාවලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් මේ වන විට 40 දෙනෙක් හදුනාගෙන තිබේ.

    වෛරසය පැතිර යාමට ප්‍රධාන හේතුව නාවලපිටිය ප්‍රදේශයේ ජනතාව සෞක්‍ය උපදෙස් නොපිළි පැදිම බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (16) දින පස්වරුවේ නාවලපිටිය නගරයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.

    01 1

    01 3

    01 4

    Latest News