කිරිපිටි මිල යළි ඉහළට

දෙසැ 30, 2021

    අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දමා ඇත.

    නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එක්ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 10:36

    Latest News