දේශීය කිරිපිටි මිලත් ඉහළට

ඔක් 16, 2021

    මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන් ද ඉහළ දමා තිබේ.

    ඒ අනූව, හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225කින් සහ පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ ගොස් ඇත.

    එමෙන්ම හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා පැලවත්ත ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ ගොස් තිබේ.

    ඒ අනූව, හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කිරීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙන අතර පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කෙරේ.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 10:24

    Latest News