තිරුක්කෝවිල් වෙඩිතැබීමේ සිද්ධියේ මරණ හතරක්

දෙසැ 25, 2021

    තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. ඒ අනූව වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරින් සංඛ්‍යාව 04 ක්.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

    සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතොරොම් ගැබ් 19ක් සමග මොණරාගල, ඇතිමලේ පොලිස් ස්ථානය වෙත බාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය. 

    Last modified on සෙනසුරාදා, 25 දෙසැම්බර් 2021 10:52

    Latest News