විදෙස් මුදල් තොගයක් රේගු දැලේ

දෙසැ 25, 2021

    අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටත් වීමේ පර්යන්තය හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අංක UL-225 ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත් වීමට පැමිණි ගුවන් මගීන් හත් දෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ගමන් මළු තුල ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් සොයා ගෙන තිබේ.

    වැටලීම සිදුකෙරුණේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින්.

    එම මුදල් තොගය තුල ශ්‍රී ලංකා රුපියල් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් අඩංගුව තිබිණ.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

    Last modified on සෙනසුරාදා, 25 දෙසැම්බර් 2021 11:27

    Latest News