බඹර ප්‍රහාරයකින් සිසුන් 17ක් රෝහලට

දෙසැ 15, 2021

    හැටන්, නොර්වුඩ් හෙල්බොඩ දමිළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) දින උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. 

    මේ හේතුවෙන් සිසුන් 17 දෙනෙකු දික්ඔය මුලික රෝහල ට ඇතුළත් කර ඇත.

    නොර්වුඩ් පොලිසිය සඳහන් කරන්නේ පාසල අසළ පිහිටි විශාල ගසක බැද තිබෙන බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීම නිසා බඹරුන් ඇවිස්සී පාසලට පැමිණෙමින් සිටි ළමුන්ට මෙම ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. 

    මේ හේතුවෙන්, හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් පරිදි පාසලේ අනෙකුත් ළමුන්ගේ ආරක්ෂාව උදෙසා පාසලට පැමිණි සෙසු ළමුන් නිවාස කරා යොමු කර පාසල (15) දින තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය. 

    Latest News