බඹර ප්‍රහාරයකින් තිදරු මවක් මරුට

මැයි 25, 2020

    හැටන් දික්ඔය ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇත.

    අද උදෑසන බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදි තවත් කම්කරුවන් අට දෙනෙකු බඹරුන් ඇනීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    මියගිය කාන්තාව හැටන් ඇබොස්ලි වතුයායේ පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු මවකි.

    සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News