ශ්‍රී පාද වන්දනා සමය ගැන ගැසට් නිවේදනයක්

දෙසැ 15, 2021

    ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වෙයි.

    එමෙන්ම වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත ලබා ගෙන තිබීම සහ එය සනාථ කිරීම සඳහා එන්නත් කාඩ්පත හෝ එහි ජායා පිටපතක් ලග තබාගත යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් ව ඇත.

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.

    අදාළ ගැසට් නිවේදනය පහතින්.

    433ca3c8a667346ce42a51b51ef20236

    c6f14acd9c8c65a3426bb5536e9ded5e

    209fa72b36140b3e088ce1fba458b736

    Last modified on බදාදා, 15 දෙසැම්බර් 2021 11:27

    Latest News