සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ, 2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

“සුරකිමු ගංඟා“ ජාතික පාරිසරික වැඩසටහන මේ වන විට මැණික් ගඟ ආසන්නයේ දී ආරම්භ වී තිබේ.

දිවයිනේ ගංගා 103කින් සමන්විත සමස්ත ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා “සුරකිමු ගංගා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

Latest News