කල් දැමූ නඩු සඳහා යළි දින ලබාදීමට මහාධිකරණය තීන්දු කරයි

නොවැ 16, 2020

    කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබුණු නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

    කොළඹ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ගෙන ඇත.

    අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරු විසින් කල් දමා තිබෙන නඩු සියල්ල යළි පරිශීලනයට ලක් කර තිබේ.

    ඉන් අනතුරුව එම නඩු සඳහා නව දින ලබා දීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරු විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළේ.

    ඒ අනුව කල් දමනු ලැබූ නඩු යළි කැඳවන දින ඉදිරියේදී මහජනයාගේ දැනගැනීම පිණිස දැන්වීමක් වශයෙන් අධිකරණ භූමියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

    Latest News