හැටන්ඔයේ නාදුනන කාන්තා මළ සිරුරක්

දෙසැ 07, 2021

    හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන්ඔයේ තිබි නාදුනන කාන්තා මලසිරුරක් අද (07) දින සොයාගත් බව හැටන් පොලිසිය පවසයි.

    හැටන්ඔයේ ෂැනන් ෆෘට්හිල් වත්ත ප්‍රදේශයේ ඔයේ නාදුනන කාන්තා මළ සිරුරක් තිබෙන බවට එම වතු යායේ වතු කම්කරුවන් විසින් ලබාදුන් තොරතුරක් මතයි පොලිසිය සිරුර සොයාගෙන ඇත්තේ.
    අවු 50 පමණ වයසැති මිය ගිය කාන්තාවගේ සිරුර දින කිහිපයක් ඔයේ තිබෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

    අදාළ මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වි නොමැති වි ඇති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

    Latest News