ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

අගෝ 03, 2022

    කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතා ඊයේ (02) සවස වෙඩි තබා ඝාතනය කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මුල්ලේරියාව බැංකු හංදිය ආසන්නයේ රැඳී සිටිය දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

    වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර මුල්ලේරියාව පොලීසිය මගින් පරීක්ෂණ පවත්වයි.

    Latest News