හැටන් සිංගිමලේ ජලාශයේ පුද්ගල මළ සිරුරක්

ජන 17, 2022

    හැටන් නගරයට පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද (17) දින සොයාගත් බව හැටන් පොලිසිය පැවසිය.

    එම රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයෙකු විසින් ජලාශයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට හැටන් පොලිසියට කල දැනුම් දිමක් මත සිරුර සොයාගෙන ඇත.

    මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර , එම ජලාශයේ ප්‍රදේශවාසින් දිය නෑම සිදු කරන අතර , අවට වතු කම්කරුවන් එම ජලාශයේ ධීවර කටයුතුවල ද නිරතව සිටියි.
    සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News