19 සංශෝධනයට හැමෝම අත ඉස්සුවා...

පෙබ 23, 2019

    ව්‍යවස්ථා සභාව 19 වන සංශෝදනයෙන් සම්මත කරන්න මම ඇතුලු සියලු දෙනාම අත ඉස්සුවා. ඒකට එජාපයේ, පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ, ජවිපේ, දෙමල සංවිධානයේ සියලු දෙනාම අත ඉස්සුවා. වගන්තියෙන් වගන්තියට අත ඉස්සුවා. දැන් කියනවා මේක වැරදියි කියනවා යැයි, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බණ්ඩාරගම, කලුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ දී පැවති “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    දැං කියනවා මේක දේශපාලනීකරණය වෙලා කියලා. ව්‍යවස්ථා සභාව 19 වන සංශෝධනයෙන් සම්මත කරන්න මම ඇතුලු සියලු දෙනාම අත ඉස්සුවා. ව්‍යවස්ථා සභාව මාතෘකාව මතු වෙලා තියෙන්නේ පලවෙනි කාරනය රාජපක්ෂ පවුලට අවශ්‍ය නඩුකාරතුමන්ලා පත් කරන්න බැරි එක . ශ්‍රේෂ්ඨාධිකරනය කෙලින් හිටිය නිසා තමයි ප්‍රජාතන්ත්‍රවිරෝධීව කටයුතු කරන්න බැරි වුනේ. තමන්ගේ හිතවත්, තමා කැමති කට්ටිය ශ්‍රේෂ්ඨාධිකරනයට පත් කරන්න වුනොත් මොකක්ද මේ රටේ නීති පද්ධතියට වෙන්නේ.

    අපි දුප්පත් රටක් නමුත් අපේ යම්කිසි ක්‍රමවේද ශක්තිමත්ව තියෙනවා. නිදහස් මාධ්‍ය එකක්. ඕනම දෙයක් කියන්න පුලුවන්. අපිට බනින්න, නමුත් සුදු වෑන් ඇවිල්ල තමුන්නාන්සේලාව උස්සගෙන යන්නේ නැහැ, මරන්න යන්නේ නැහැ. බනින්න අයිතිය තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ නිදහස. ඒ වගේම තමයි ශ්‍රේෂ්ඨාධිකරනය. උසාවියට, ශ්‍රේෂ්ඨාධිකරනය තමා කැමති කැමති අග විනිසුරුවරු පත් කරන්න බැහැ. ඒකට සුදුසුකම් තියෙන්න අවශ්‍යයි.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 07:32

    Latest News