සජිත්ගේ පරාජය සිංහල බෞද්ධ පදනම දෙදරීමෙන්: රන්ජන්ගේ, මංගලගේ ප්‍රකාශත් බලපෑවා.... නවින් කියයි (වීඩියෝ)

දෙසැ 04, 2019

    මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයක් ලැබු බවත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටිමෙන් එය සිදුවු බවත් එහි ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි.

    අද (04) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේය.

    විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ජා කිරිමට පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් හෙට (05) පැවැත්වෙන බව නවින් දිසානායක මහතා පැවසීය. මෙම සකාච්ඡාවේ දි එකඟතාවකට එන්නට හැකි බව විශ්වාස කරන්නේ යැයි ඔහු කියා සිටියේය. හිටපු ඇමති මංගල සමරවීර මහතාගේ සහ රන්ජන් රාමනායක මහතාගේ ක්‍රියා කලාපයත් පක්ෂයේ පරාජයට හේතුවු බව පෞද්ගලිව සිතන්නේ යැයි ද නවින් දිසානායක මහතා පෙන්වා දුනි.

    කෙසේවෙතත් අද මාධ්‍ය වාර්තා කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා නායකත්ව මණ්ඩලයක් පත්කර එහි සභාපති ධුරය කරූ ජයසූරිය මහතාට ලබාදිමට යෝජනා වි ඇති බවයි.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 20:33

    Latest News