උතුරු පළාත සංවර්ධනය කෙරේ philipv203.blogspot.com

උතුරු පළාත සංවර්ධනය කෙරේ

පෙබ 22, 2019

    යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු පළාත සංවර්ධනය කිරීමේ නිර්දේශ සහ සැලසුම් සහිත “ඉකොනමික් ඩිවලොප්මන්ට් ෆ්‍රේම් වර්ක්“ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ දී අද එළි දැක්විණ.

    එය සකස් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. දශක තුනක් යුද්ධයෙන් හානිවූ උතුරේ ජන ජිවිතය නඟා සිටුවීමේ ක්‍රමවේද හඳුන්වාදීම මෙමගින් සිදු කෙරේ. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, උතුරු පළාතේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්වූහ. දැනට ක්‍රියාත්මක නොවන උතුරු පළාතේ පැවති මහා පරිමාණ කර්මාන්ත යළි ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සළකා බැලිණ.

    කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, වාලච්චේන කඩදාසි කම්හල නවීන තාක්‍ෂණය භාවිත කර යළි ආරම්භ කරන ලෙස උතුරේ ජනතා නියෝජිතයින් ඉල්ලා සිටියේය. ඊට අමතරව මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම, ඒ ආශ්‍රිත කර්මාන්ත ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තය සඳහා ද වැඩි අවධානයක් යොමු කර තිබේ. රැකියා විරහිත විශාල පිරිසකට රැකියා ලබාදෙමින් කෙටි කලකින් උතුරු පළාත සීග්‍ර සංවර්ධනයකට ලක්කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා....
    යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ විශාල පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. ආර්ථික පසුබෑම විශාල වශයෙන් තිබෙනවා. පාරම්පරික කර්මාන්ත කඩා වැටිලා තියෙනවා. විරැකියාවේ ප්‍රතිශතය අනෙක් සෑම ප්‍රදේශයකට වඩා බරපතල ලෙස ඉහළ ගිහින්. රටක් හැටියට ඉදිරියට යන්න නම් අපේ රටේම සහෝදර කොටසක් ජීවත් වන මේ ප්‍රදේශය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. යුද්ධයට භාජනය වූ ප්‍රදේශ සීග්‍ර ආර්ථිකයක් සංවර්ධනය කරගැනීමේ මාස්ටර් ප්ලෑන් එකක් අපි සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඒ තුළින් කටයුතු විධිමත්ව සැලසුම්ගතව ඉදිරි වසර කිහිපය තුළදී කිරිමට බලාපොරොත්තුවන බව“ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 17:01

    Latest News