සබරගමුව පළාතේ නව ආණ්ඩුකාරයා ලෙස, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අන්ත පරාජයක් ලැබු බවත් එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳවැටිමෙන් එය සිදුවු බවත් එහි ජාතික සංවිධායක නවින් දිසානයක මහතා පවසයි.

ව්‍යවස්ථා සභාව 19 වන සංශෝදනයෙන් සම්මත කරන්න මම ඇතුලු සියලු දෙනාම අත ඉස්සුවා. ඒකට එජාපයේ, පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ, ජවිපේ, දෙමල සංවිධානයේ සියලු දෙනාම අත ඉස්සුවා. වගන්තියෙන් වගන්තියට අත ඉස්සුවා. දැන් කියනවා මේක වැරදියි කියනවා යැයි, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 

චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂෙන් ඩැන්යන්ග් ප්‍රධාන චීන දූත පිරිසක් අද (11) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු වුහ.

Latest News