චීනයෙන් රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපයක්

ජන 11, 2019

    චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර ෂෙන් ඩැන්යන්ග් ප්‍රධාන චීන දූත පිරිසක් අද (11) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු වුහ.

    චීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිත රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කලාපය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම මෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් පිහිටුවීම හරහා ලංකාවේ රබර් අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීම මෙහි අරමුණවේ. එමඟින් වැවිලිකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ විදේශ විනිමය ඉපයීම, නව රැකියා උත්පාදනය හා රබර් නිමි භාණ්ඩ ආනයනය පාලනය ඇතුළු ප්‍රතිලාභ රැසක් රට ලැබෙනු ඇති. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලස විගස ව්‍යාපෘතිය ආරම්භ ක්‍රියාකරණ බව අමාත්‍ය නවින් දිසානායක මහතා මෙහිදී කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයට මෙන්ම සියලු සංවර්ධන කටයුතු සඳහා චීනය රජය ලබා දෙන සහයෝගය අගය කලේය. එමෙන්ම ඉදිරියේදී චීනය සමඟ සමීප සබඳතාවක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. සියලු ද්වීපාර්ශවීය සබඳතා වැවිලි ක්ෂේත්‍රය නැංවීමට මෙන්ම රටේ සමස්ථ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට ධනාත්මකව භාවිත කිරීම සිය අරමුණ බව කියා සිටියේය. පසුගිය මාස කිහිපයේ රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය පහව ගොස් ඇති බවත් වේගවත් සංවර්ධන ක්‍රියාදාමයකට වර්තමාන රජය අවතීර්ණ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    උප ආණ්ඩුකාර ෂෙන් ඩැන්යන්ග් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ දිගටම ආයෝජන සිදු කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි. චීන ශ්‍රි ලංකා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ද හෙතෙම අගය කළේය.

    navin1 px 900 19 01 11

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:04

    Latest News