මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ළගදීම ජනතා අයිතියට

නොවැ 20, 2021

    කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 28 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4ක් යටතේ සිදු කෙරේ. මීරිගම සිට කුරුණෑගල කොටස එහි දෙවන අදියරයි. එම මාර්ග කොටසේ සම්පූර්ණ දුර කිලෝමීටර් 37යි දශම 9ක්.

    මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් සමන්විත වන අතර මීරිගම ,නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

    පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස එහි තෙවන අදියර වන අතර, එහි දිග කිලෝමීටර් 32.5ක් වෙයි. එම අදියර දෙකේ කටයුතු 2024 වසරේ දී නිම කිරීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    Latest News