උද්ඝෝෂණය ගැන පොලීසියේ ඉල්ලීමට අධිකරණය දුන් තීන්දුව

නොවැ 16, 2021

    සමගි ජන බලවේගය විසින් අද දින පැවත් වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලිසිය විසින් කරනු ලැබූ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

    බොරැල්ල පොලිසිය විසින් අදාළ ඉල්ලීම අද දින යළි ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පොලිසියේ ඉල්ලීමට විරෝධය පළ කළ අතර එය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 12:18

    Latest News