පාඨලී චම්පිකට, මහින්දානන්දගෙන් පැමිණිල්ලක්

නොවැ 10, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර තිබේ.

    එය ගොනුකර ඇත්තේ, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි. අද උදේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් පදනම් කොට ගෙනයි.

    රණවක මහතා ප්‍රකාශ කොට ඇත්තේ, මෙරටට නැනෝ යූරියා පොහොර ගෙන්වීමකින්, මහින්දානන්ද අලුත්ගමගේ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් මුදල් වංචාවක් සිදුකර ඇති බවයි.

    එහෙත්, අලුත්ගමගේ මහතා කියා සිටියේ කිසිඳු ආකාරයකින් ශ්‍රී ලංකාවට නැනෝ යූරියා පොහොර ආනයනය කර නොමැති බවයි.

    අදාළ පැමිණිල්ලට රණවක මහතා පිළිතුරු ලබා නොදුනහොත්,ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ.

    Latest News