අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 20 දක්වා ඉහළට

නොවැ 10, 2021

    දිවයිනේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන්, මේ දක්වා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    දියේ ගිලීම්, නායයාම්, අකුණු සැර වැදීම් ආදිය හේතුවෙන් සිදුව ඇති එම මරණ කුරුණෑගල, කෑගල්ල, බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබේ.

    දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 126කට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
    ඉන් පවුල් 17,481කට අයත් පුද්ගලයින් 62,247දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 1,498 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23ක රඳවා සිටින අතර තවත් පුද්ගලයින් 3,537 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටියි.

    ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.

    එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 15කට ඉන් බලපෑම් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 25,508 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Latest News