කොට්ටාව පිවිසුමේදී ලක්ෂ 3ක මත්පෙති අල්ලයි

ඔක් 30, 2021

    රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ පොලිස් ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටි 38 හැවිරිදි සැකකරු ගාල්ල, දෙවට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු සංචාරකයින් සඳහා හෝටලයක් පවත්වාගෙන යන අතර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයින්ට අලෙවිය සඳහා මෙම මත්පෙති තොගය කොළඹ ප්‍රදේශයෙන් මිලදී ගෙන රැගෙන යන අතරතුරදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

    අත්අඩංගුවට ගත් මත්පෙති තොගය මෝටර් රථය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම පොලීසියට භාරදී තිබේ.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 14:19

    Latest News