හේමසිරිට සහ පූජිත්ට එරෙහි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වෙයි

ඔක් 27, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම තුළින් චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද අවසන් කෙරුණා.

    මෙම පැමිණිල්ල අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවයි.

    ඒ අනුව ඔවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටිය.

    එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළා.

    Latest News