දිස්ත්‍රික්ක 11කට තද වැසි

සැප් 25, 2021

    නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් දිස්ත්‍රික්ක 11කට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නිවේදනයක් කළ නිවේදනයේ දැක්වෙයි.

    ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල එලෙස තද වැසි බලාපොරොත්තු වේ.

    නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් එලෙස අපේක්ෂා කරන බවයි,එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

    මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News